ගෝඨාගේ පොත දැක බැසිල්ට යකා නගී

ඉකුත් දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලියා පළ කළ ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නම් කෘතිය දැක බැසිල් රාජපක්ෂ මහතා කෝප වී සිටින බව, රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකු වන උදංග වීරතුංග මහතා පවසනවා.

යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් වීරතුංග මහතා සඳහන් කරන්නේ, එම කෘතියේ පිටපතක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දෙන්නට තමා ගෙන ගිය ද ඔහු තුළ වූ කේන්තියට බිය වී තමා එම පොත ලබා නොදී සිටීමට කටයුතු කළ බවයි.

එහි දී වීරතුංග මහතා සඳහන් කරන්නේ, අදාළ කෘතිය පිළිබඳ ඇතැමුන් විසින් බැසිල් ‍රාජපක්ෂ මහතාව දැනුවත් කර තිබෙන ආකාරයට ඔහුට කේන්ති ගොස් ඇති බවත්, මෙම කෘතිය පිළිවෙලකට කියවාගෙන යන්නේ නම් එහි කේන්ති ගත යුතු තරමේ දේවල් නැති බවයි.