අදානි ටටා කියා ලංකාව අතහරී – මෙන්න ලියුම

ඇමරිකානු ඩොලර් බිලියන එකක ආයෝජනයක් ලෙස සුලං විදුලි බලාගාර පද්ධතියක් මන්නාරමේ ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම සූදානමින් සිටියත් එම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළ බව අදානි සමාගම පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත ලිපියක් යොමු කරමින් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට නිල දැනුම්දීම සිදු කර තිබේ.

දිගින් දිගටම සිදුවන ප්‍රමාදයන් නිසා මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව උදානි සමාගම සදහන් කරයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය අනුමැතීන් බොහෝමයක් ලැබූ තිබුණත් පරිසර නිෂ්කාශන වාර්තා ලැබීම ප්‍රමාද වෙමින් ඇති බවත් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබීමත් නිසා ඇතිවූ ප්‍රමාදයන් හේතුවෙන් මෙසේ ව්‍යාපෘතියෙන් ඉවත් වන බව අදානි සමාගම දැනුම්දී ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් සමග පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් තිබූ බවද එම ලිපියේ දැක්වේ. මෙගාවොඩ් 484 ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාතම්ක කිරීමට නියමිත විය.