ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රෙලියා තුන්කොන් තරගාවලියක්

වයස වුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඔස්ට්‍රෙලියානු වයස වුරුදු 19න් පහළ කාන්තා කණායම සහ එංගලන්ත වයස වුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව මාර්තු 28 වැනි දා සිට අප්‍රේල් 09 වැනි දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය T20 සහ පන්දුවාර 50 යන ආකෘති දෙක යටතේ ම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙම තරගාවලිය හම්බන්තොට සහ ගාල්ලේ දී පැවැත්වෙන අතර, සෑම කණ්ඩායමකටම T20 තරග 04ක් සහ පන්දුවාර 50 තරග 02ක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!