ගෝල් මාර්වලස් කණ්ඩායමට ලකුණු 178ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් මාර්වලස් කණ්ඩායම අතර තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කළා.

එහි දී ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 51 වාර්තා කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 59 ක් වාර්තා කළා.

පන්දු යැවීමේ දී ගෝල් පිළ වෙනුවෙන් සහූර් කාන් කඩුලු 3ක් ද ඩෙවෝන් පිටෝරියස් හා ඉසුරු උදාන කඩුලු 2ක බැගින් ද ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීමට ගෝල් පිලට හිමිවන ඉලක්කය ලකුණු 178ක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!