අයහපත් කාලගුණය නිසා වර්ජනයකුත් කල් ගිහින්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (28) දිවයින පුරා පැවැත්වීමට සූදානම් කර තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ලබන සතිය දක්වා කල් දමා තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ප්‍රදේශවල ඇති වී තිබෙන බරපතල කාලගුණික තත්ත්වය හා ආපදා තත්ත්වය හේතුවෙන් අද උදෑසන 8ට දිවයින පුරා රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ සේවාවෙන් ඉවත් වීමේ වර්ජන ක්‍රියාමාර්ගය ලබන සතිය දක්වා කල් දැමීමට සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් තීරණය කළ බව වාර්තා වනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ ලබන සතියේදී එක් දින හෝ දෙදිනක සම්පූර්ණ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට මේ වන විට තීරණය කර ඇති බවත්, බ්‍රහස්පතින්දා දින නැවත නායකත්ව මණ්ඩලය කැඳවා වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන දිනය ප්‍රකාශයට පත් කරන බව‍යි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!