වාහන ආනයන සීමා ඉවත්කිරීම පිලිබඳ විශේෂ වාර්තාවක්

රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමාට ලබාදීමට අපේක්ෂිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊට ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීමට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි.

වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

සියලු වාහන ආනයනය කිරීම එක් වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බවයි ආනයනකරුවන් එහි දී කියා සිටියේ.

පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටසින් කොටස ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බව එහි දී අවධාරණය කෙරුණා.

බදු ගෙවීම පිළිබඳව මතුව ඇති ගැටුලුකාරී තත්ත්වයන් පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡාවට බඳුන් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!