මෛත්‍රීගෙන් අධිකරණයට විශේෂ දැනුම්දීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව දැනුවත් කළා.

හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බව පෙන්වාදෙමින් මෙම කරුණු දැක්වීම සිදුකර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!