ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේදී බස් රථයකට වෙඩි ප්‍රහාරයක් – 9ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරය අතර ප්‍රදේශයේ හින්දු බැතිමතුන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයකට සටන්කාමීන් ලෙසට සැක කෙරෙන පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිද්ධියෙන් පසු මියගිය සංඛ්‍යාව 10 ක් බව නිලධාරීන් මුලින් ප්‍රකාශ කළත් පසුව එම සංඛ්‍යාව සංශෝධනය කර තිබෙනවා.

එරට මාධ්‍ය පවසන්නේ වෙඩි ප්‍රහාරයෙන් පසු රියදුරුට බසය පාලනය කරගත නොහැකි වූ බවත් ජම්මු ප්‍රාන්තයේ රියාසි දිස්ත්‍රික්කයේ දී බසය ගංවතුරකට පෙරලී ගිය බවයි.

මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, ප්‍රහාරකයන් සොයා ඉන්දීය හමුදාව සහ පොලීසිය සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.

බලධාරීන් පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි “තත්ත්වය” දෙස බලා තුවාල ලැබූවන්ට හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

මියගිය අයගේ ළඟම ඥාතීන්ට රුපියල් මිලියන 1 ක් සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක වන්දි මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැති බව වාර්තා වනවා.

මියගිය අයගෙන් දෙදෙනෙක් වයස අවුරුදු දෙකේ සහ 14 වන වියේ පසුවන ළමුන්ය.

දිවි ගලවා ගත් අයගෙන් එක් අයෙක් කියා ඇත්තේ රියදුරුට වෙඩි වැදී ඇති බවත් බස් රථය ඔයට වැටුණත් වෙඩි තැබීම නතර නොවූ බවත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!