හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි අවුරුදු 13ක බාලවයස්කාර පාසල් සිසුවියක් ගැබ්ගෙන ඇති අතර ඇය ගැබිණියක් වූ ආකාරය ගැන සොයාගැනීමට නොහැකී තත්ත්වයක පවතින බව වාර්තාවනවා.
කුලියාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පී.කේ විජේවර්ධන මහතා දැරිය පරික්ෂා කර බලා ඇයට ලිංගික ප්‍රවේශයක් සිදුව නොවැති බවත් දැනුම් දී ඇති අතර දැරිය ද ඇගේ මව ද ලිංගික අතවරයකට හෝ ලක් නොවූ බව සඳහන් කර තිබෙනවා.
පසුගිය 18 වැනි දින උදරයේ වේදනාවක් තිබෙන බව කියමින් මෙම දැරිය කුළියාපිටිය මහ රෝහලට ඇතුලත්ව තිබුණා.
දැරිය කිසියම් මානසික පීඩන තත්ත්වයකින් පෙලෙන නිසා මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දී යහපත් වූ පසු මේ සම්බන්ධව විමර්ශණ සිදුකරන බවයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසා ඇත්තේ.