ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ රෆා නුවර සිදුකරන ප්‍රහාර නැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී ඊයේ (16) එම ඉල්ලීම සාකච්ඡාවට ගෙන ඇති බවත් අද ඊට ප්‍රතිචාර ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
රෆා නුවර සිදුකරන ප්‍රහාරය ජන සංහාරයක් බව ප්‍රකාශ කරමින් දකුණු අප්‍රිකාවේ නිතීඥ කණ්ඩායමක් ඊයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී ප්‍රකාශ කර ඇති අතර ,රෆා නුවරට හමුදාව යවා ගොඩබිම් ප්‍රහාරයක් සිදු නොකර හමාස් සංවිධානය පරාජය කළ නොහැකි බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.