වනිදු හසරංගට නැවත කැඳවීමක්

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක වනිඳු හසරංගට හිමිවී තිබෙනවා.

ඒ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමෙන් ලද කැඳවීමක් අනුව බවයි සඳහන් වන්නේ.

එම කණ්ඩායමේ සිකන්දර් රාසා තුවාල ලබා ඇති අතර එම අඩුව පිරවීම සඳහා වනිඳු ව කැඳවා ඇති බව සඳහන් වනවා.

මස්පිඬු අබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය මාසයේදී පමණක් ඔහුව මෙසේ තරගාවලියෙන් ඉවත් කර තිබු අතර එහිදී ඔහු වෙනුවට ටබ්‍රයිෂ් ෂම්සි පත්කර තිබුණා.