මැතිවරණයට සූදානම් වන ලෙසට දැනුම් දීමක්

මැතිවරණයක් කැඳවීමට නියමිත නිසා ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලය මෙසේ දැනුම් දී ඇති ආයතන අතරට ඇතුළත් වනවා.

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව රජයේ මුද්‍රණාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසා තිබෙනවා.

එසේම දිවයින පුරා ඇති ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස සියළුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේදී දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසුවා.

මීට අමතරව නිලධාරීන් සහ වාහන පිළිබඳවත් සංගණනයක් පවත්වන ලෙසට සියලු දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන්ට දැනුම් දුන් බවත් ඒ මහතා සඳහන් කළා.

මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එසේ උපදෙස් දුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 14 සහ ඔක්තෝබර් මස 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!