එක්සත් රාජධානියට නව අගමැතිවරයෙක්

එක්සත් රාජධානියේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතිනවා.

එම මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දැනට පළවන නිල නොලත් ආරංචි මාර්ග අනුව Keir Starmerගේ පක්ෂය අතිවිශාල බහුතරයකින් නැවත බලයට පත්වීමට නියමිතයි.

ඒ වත්මන් අගමැති රිෂී සුනක් නියෝජනය කළ කොන්සර්වේටිව්වරුන් යටතේ වසර 14 ක් පැවති දක්ෂිනාංශික ආණ්ඩුව පරාජයට පත් කරමින්.

ඒ අනුව 2015 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිවිසි හිටපු ප්‍රධාන මානව හිමිකම් නීතිවේදියෙකු වන Keir Starmer එක්සත් රාජධානියේ නව අගමැති බවට පත්වනු ඇති බවයි විදෙස් මදය වාර්තා පවසන්නේ.

මේ අතර වත්මන් අගමැති රිෂි සුනක්, සියවසකට වැඩි කාලයක් තුළ කොන්සර්වේටිව් පක්ෂය ඔවුන්ගේ නරකම ඡන්ද ප්‍රතිඵලය කරා රැගෙන ගිය නායකයා බවට පත්ව තිබෙනවා

බ්‍රිතාන්‍යයේ ඡන්ද ගණන් කිරීමේ දිගු රාත්‍රියක් පහන් කරමින් ඇති අතර, සිදුවන්නේ කුමක්ද සහ එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ලොව පුරා මාධ්‍ය නිසැකවම විශාල අවධානයකින් සිටින බව සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!