කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක්

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමග ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.