විජයදාස රාජපක්ෂගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණවල දී සිදුවන නීතිවිරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ නීතිය අකර්මන්‍යයවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මැතිවරණ සංස්කෘතිය වෙනස් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මැතිවරණ කොමිසමේ පූර්ණ සහයෝගය ඇතිව 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ සඳහා එම පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!