පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බව ප්රදේශවාසීන් පවසනවා.
තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් වනවා.