ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ සුළං යවන රූපරාමු පෙළක් සමාජ මාධ්‍ය මේ වනවිට ඔස්සේ සංසරණය වනවා.
එම පොලිස් නිලධාරියා මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බව පවසනවා.
අදාළ සිද්ධියට ඒ මොහොතේ එම ස්ථානයේ සිටි පිරිසකගෙන් විරෝධයක් එල්ල වුණු ආකාරය දැකගත හැකිවුණා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු පවසා ඇත්තේ, ලියකියවිලි භාරදීම සඳහා තමන් බහාලුම් අංගනයට ගිය බවයි.
ඒ අතරතුරදී මෙම පොලිස් නිලධාරියා ලොරි රථයේ රියදුරුට දඩ කොළයක් ලබාදී එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණා.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ අදාළ පොලිස් සාජන්වරයා සිදුකරන ලද එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවත් මෙවැනි වරදක් සඳහා දඩ මුදලක් පමණක් පැනවිය හැකි බවයි.
මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වන බැවින් ඔහුට විරුද්ධව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළා.
ඒ අනුව අදාළ නිලධාරියාව විනය පරීක්ෂණයක් සඳහා අද දිනයේදී පොලිස් රථ වාහන කොට්ඨාසයට කැඳවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.