මාලදිවයිනේ ජය මුයිසුගේ පක්ෂයට

මාලදිවයිනේ ඊයේ (21) පැවති මහ මැතිවරණයෙන් වර්තමාන මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය විශිෂ්ට ජයක් ලබාගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එරට මන්ත්‍රීවරුන් 93 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ආසන 66ක් ජයග්‍රහණය කරමින් බහුතර බලය දිනා ගැනීමට මුයිසුගේ නායකත්වයෙන් යුත් මහජන ජාතික කොංග්‍රසය (PNC) සමත් වී තිබෙනවා.

මෙම විශිෂ්ඨ ජයග්‍රහණය, චීනය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා මුයිසුගේ ප්‍රතිපත්තියට ශක්තිමත් පිටුබලයක් සපයන බව මැතිවරණ විශ්ලේෂකයන්ගේ මතයයි.

හිටපු ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිගේ නායකත්වයෙන් යුත් ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ඩිමොක්‍රටික් පක්ෂය (MDP) දිනා ගැනීමට සමත් වී ඇත්තේ ආසන 15ක් පමණක් වීම ද විශේෂත්වයකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!