උගන්ඩාව හමුවේ ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගන් සහ උගන්ඩා තරගය පහසුවෙන් ජය ගැනීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායම අද (03) සමත් වුණා.

ඒ ලකුණු 125කින් උගන්ඩාව පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනාගත් උගන්ඩාව තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තා.

ලකුණු 184ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි උගන්ඩා කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 58ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!