ලොවක් දන්න පාපන්දු ක්‍රීඩකයෙක් ඝාතනයට ලක්වෙයි

දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයෙක් සහ ඔලිම්පික් නියෝජනයක් වන ”Luke Donn ෆ්ල්ර්ස් ” වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහු 24 හැවිරිදි වියේ පසු වුණා

කයිසර් චීෆ්ස් ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඔහුගේ වෙඩි තැබීම සිදුව ඇත්තේ පැහැරගැනීමේ සිද්ධියකදී බවයි.

ජොහැන්නස්බර්ග් හි හොනීඩූව් උපනගරයේ ඉන්ධන පිරවුම්හලකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් වනවා.

ඒ අනුව නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් Luke Donn ෆ්ල්ර්ස් වෙත ළඟා වී ඔහුට වාහනයෙන් බැසීමට නියෝග කර මෙලෙස ඝාතනය කිරීම සිදුකර තිබෙනවා.

ලොව ඉහළම මිනීමැරුම් වාර්තා වන රටක් ලෙස හඳුනාගැනෙන දකුණු අප්‍රිකාවේ, මෙවැනි මාරාන්තික පැහැරගැනීම්වලට ගොදුරු වූ දහස් ගණන් මිනිසුන් අතර නවතම පුද්ගලයා වන්නේ ඔහුයි.

Luke Donn ෆ්ල්ර්ස් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් වයස අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් වනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!