විජයදාසගේ පක්ෂ සාමාජිකත්වය ගැන අධිකරණයෙන් තීන්දුවක්

අමාත්‍ය විජයදාස රාජපක්ෂට හා කීර්ති උඩවත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ හා ලේකම්ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය ලබා දී තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කර තිබෙනවා.

පසුගිය 12 වනදා කෝට්ටේ සෝලිස් ශාලාවේදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහත්මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙසද, කීර්ති උඩවත්ත මහතා ශ්‍රී.ල.නී.ප. වැඩ බලන ලේකම්වරයා ලෙසද පත්කරනු ලැබුවා.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව තවදුරටත් නීත්‍යානුකූල විධායක සභාවක් නොවන බවත්, විජයදාස රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ගොනුකර තිබූ එමෙන්ම නීත්‍යානුකූල නොවන ලෙස පත් වූ සභාපතිවරයාට සහ ලේකම්වරයාට බාධා නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (වැ.බ) අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඇතුළු 20 දෙනෙකුට එරෙහිව පනවා තිබූ වාරණය ද ඉවත් කරමින් කඩුවෙල ගරු දිසා විනිසුරු අද මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!