LTTEයට පනවා තිබූ තහනම ගැන ඉන්දියාවෙන් තීරණයක්

ඉන්දීය රජය LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර කළා.

LTTE කොටි ත්‍රස්ත සංවිධානය තවදුරටත් රටේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට අගතිගාමී ක්‍රියාකාරකම්වල නිරතවන බව ඔවුන්ගේ මතය බැවින් මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම 2009 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව තුළදී LTTE කොටි ත්‍රස්ත සංවිධානය ලද පරාජය සමග ඔවුන් ‘ඊළාම්’ සංකල්පය තවදුරටත් අත්හැර නොමැති බවද එම නිවේදනයේ සඳහන් වනවා.

එසේම එම LTTE කොටි ත්‍රස්ත සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම සහ ‘ඊළාම්’ සංකල්පය සඳහා රහසිගත අයුරින් කටයුතුවල නිරතවන බවත් අදාළ නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!