මාධ්‍ය ප්‍රකාශක තනතුරත් AI ගැහැණියකට දුන්න රටක් (VIDEO)

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධව පැය 24 පුරාම මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවූ ප්‍රකාශිකාවක් නිර්මාණය කර තිබෙනවා.

මෙම ප්‍රකාශිකාව යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය නියෝජනය කරනවා.

පරිගණක ඇසුරින් නිර්මාණය කළ මෙම ප්‍රකාශිකාවට අවශ්‍ය තොරතුරු ලබා දුන් සැණින්, සැබෑ නිල ප්‍රකාශිකාවක ලෙස පෙනීසිට යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන්, ඇය මාධ්‍ය ප්‍රකාශ ලබා දීම සිදු කරනවා.

AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගෙන පරිගණක ආධාරයෙන් නිර්මාණය කළ මේ තැනැත්තියට ඕනෑම භාෂාවක් කතා කිරීමේ හැකියාව පවතිනවා.

යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය විසින් මෙම ප්‍රකාශිකාව වික්ටෝරියා ෂී යනුවෙන් නම් කර තිබෙනවා.

රොසලීන් නෝබ්‍රේ නමැති යුක්රේනයේ ජනප්‍රිය ගායිකාවකගේ රූපය සහ අංග චලනයන් පරිගණකට මුසු කිරීමෙන් වික්ටෝරියා ෂී නිර්මාණය කර තිබෙනවා.

යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කරන බව දැනගත් පසු ඒ වෙනුවෙන් තම රූපයත්, අංග චලනයත් ලබා දීමට රොසලීන් නෝබේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව සඳහන් වනවා.