හිරු TV මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට හිටපු අමාත්‍ය මනුෂගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්


හිරු රූපවාහිනි සේවය විසින් විකාශනය කරන ”පත්තරේ විස්තරේ” වැඩසහහනේ ඉකුත් 10 වන සෙනසුරදා විකාශනය මගින් තමා සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට චේතනාන්විතව බරපතල ලෙස අපහාසයක් සිදුකර ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවත් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම වැඩසටහන ඉදිරිපත් කිරීමේදී එහි පූරක ලෙස කටයුතු කළ මධුෂාන් ද සිල්වා යන අය  ශ්‍රී ලංකා ජනරජයේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  104 ආ (5) (අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන ව්‍යවස්ථාවට අනුව 2024/07/10 දිනැති සහ අංක 2392/27 දරණ ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කරනා ලද උපලේඛණ අංක 2 යටතේ වන විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර් ජාල වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ්අඩවි පරිශීලකයන් සඳහා වන උපමාණ ලේඛණයේ අංක 2.1, 2.2, සහ 2.3 යන වගන්ති බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නා .

ඒ අනුව හිරු රුපවහිනි සේවාව සහ පත්තරේ විස්තරේ වැඩසටහනේ පූරක මධුෂාන් ද සිල්වා මැතිවරණ කොමිෂම විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානයන් උල්ලංඝණය කරමින් තමාට සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට බරපතල අපහාසයක් සිදුකර ඇති බවත් ඔහු පවසනවා.

එම නිසා මැතිවරණ නීතී වලට අනුව මේ පිළිබඳව කඩිනම් පියවර ගන්න ලෙස ඔහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම එම වැඩසටහන මගින් හිරු නාළිකාව සහ එහි පූරක මධුෂාන් ද සිල්වා යන අය මුලික මාධ්‍ය ආචාර්යධර්ම පවා බරපතල ලෙස උල්ලංගණය කර අති බව ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.