වාහන ආනයනය ආරම්භ කරන කාලය ජනපති කියයි

බදු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමෙන් පසුව විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහනුවර පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වන කරුණු මෙන්ම, එකඟ නොවන කරුණුද පවතින බවයි.

මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කර තිබූ එම හමුවට එම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ,

“බදු වැඩි කිරීම නිසා 2023 සහ 2024 මුල් කාලය අමාරු කාලයක් වුණා. දැන් ආර්ථිකය ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න හැකිවුණා. මේ පියවර පෞද්ගලික අංශයට බලපානවා. IMF සමඟ මාස 6කට සැරයක් සාකච්ඡා කරනවා. එතැනදි පෙනුණේ තවත් දියුණු වෙමින් පවතින බව. බදු ගැටලු සංශෝධනය කිරීමට IMF සමග සාකච්ඡා කරනවා. IMF සමග එකඟ වන කරුණුත්, එකඟ නොවන කරුණුත් තියෙනවා. එන අවුරුද්දේ විදේශ සංචිතය අඩුවෙන්න යන්නේ. වාහන ආනයනය ආරම්භ කළාම එහෙම වෙනවා. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බැහැ. ආදායමේ විශාල කොටසක් තියෙන්නේ වාහන බදුවලින්. ලබන අවුරුද්ද මැද වෙනකොට මීට වඩා හොඳ දියුණුවක් ලැබෙයි.”යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!