අවුරුදු තුනක් වයසැති දරුවා ජල ටැංකියට වැටී ජීවිතක්ෂයට

අවුරුදු තුනක් වයස කුඩා දරුවෙකු නිවසේ තිබුණු ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇති බව මිද්දෙනිය පොලිසිය පවසනවා.

දරුවාගේ මව සිය නව හැවිරිදි දරුවා සහ මියගිය තුන් හැවිරිදි දරුවා රාත්‍රි ආහාරය ගැනීමෙන් පසු ඔවුන්ගේ ඇඟ සෝදා නින්දට යැවීමට නිවස පිටත තනා ඇති ජල ටැංකිය වෙත කැදවා ගෙන ගොස් තිබෙනවා.

නව හැවිරිදි දරුවාගේ ඇග සේදූ මව කුඩා දරුවා ජල ටැංකිය අසල සිටියදී වැඩිමහල් දරුවා සමග නිවස තුලට ගොස් ඇති අතර නැවත පැමිණ සොයා බැලීමේදී කුඩා දරුවා ජල ටැංකිය තුලට වැටී සිටිනු දැක ඔහු ගොඩට ගෙන මිද්දෙනිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වනවා.

මිද්දෙනිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!