කන්තලේ රජඇළ මාර්ගයේ අතුරු මාර්ගයක ඊයේ (21) සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.
මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තරුණියගේ ගැටී එම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය කන්තලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
අනතුර සිදු කළ වෑන් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.