උලපනේ සුමංගල හිමි රිමාන්ඩ්

පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!