නිදි පැදුරේ දී කඩු පහර කෑ “හිච්චිමල්ලි”

ගාල්ල, තොටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු නිදියහනේ සිටිය දී තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

නිවසේ නිදාගෙන සිටිය දී ඊයේ (09) රාත්‍රීයේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිදරු පියෙක් වූ 43 හැවිරිදි ප්‍රසන්න කුමාර නොහොත් ‘හිච්චි මල්ලි’ යන අයයි.

එම අවස්ථාවේදී ඝාතකයා විසින් මරණයට පත් වූ ප්‍රසන්න කුමාර යන අයගේ සොයුරාටද කඩුවෙන් පහරදී ඇති අතර ඔහුද බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කලක සිට ඇතිවූ මතභේදයක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!