රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයේ යෙදී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .
අද පෙරවරුවේ අනුරාධපුරය, රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්යග්රහ භූමියේ නොසන්සුන්තාවක් ඇතිවූ අවස්ථාවේදී කස්සප හිමි ඇතුළු උපවාස භූමියේ රැඳී සිටි පිරිස එල්ල කළ ප්‍රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන හිමි තුවාල ලබා ඇත .
කෙසේවෙතත්, ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට ලක්වූ බුද්ධ ප්‍රතිමාව සම්බන්ධ නඩුව ඊයේ (11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදි . එම අවස්ථාවේදී අධිකරණයේ පෙමී නොසිටීම හේතුවෙන් බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුණා. ඊට අමතරව කස්සප හිමියන් විසින් ඊයේ එම රුවන්වැලි සෑ උපවාස භූමියේ සිට අධිකරණයට දැඩිව අපහාස වන අයුරින් ප්‍රකාශ රැසක් සිදුකර තිබුන බව වාර්තා වේ..