රාජ්‍ය මාධ්‍ය ආයතන තුනම පාඩුයි . .

මෙම වසරේ පළමු මාස හය තුළ රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබමින් පවත්වාගෙන යනබව මුදල් අමාත්‍යංශය නිකුත්කළ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙයි .

එම වාර්තාවට අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 166 ක බදු පෙර අලාභයක් වාර්තා කර ඇති අතර, ස්වාධීන රූපවාහිනී ජාලය රුපියල් මිලියන 37 ක අලාභයක් වාර්තා කර තිබේ . එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ද අදාළ කාලසීමාව තුළ රුපියල් මිලියන 68 ක බදු පෙර අලාභයක් වාර්තා කර ඇති බව එම වාර්තාවේ දැක්වෙයි .

ඒ අනුව, මෙම රාජ්‍ය මාධ්‍ය ආයතන තුන වාර්තා කර ඇති සමස්ත අලාභය රුපියල් මිලියන 271 ක් ලෙස දැක්වෙයි .