බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අද (01) සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සඳහා අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි .
ඒ අනුව බැංකුවක හෝ මූල්ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්රයක් අලුත් කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
TIN අංකයක් මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා තහවුරු කරගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.
වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින් TIN අංකය ලබා ගැනීම අත්යවශ්ය වුවද එම සියලු දෙනා බදු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා සත්යයෙන් තොර බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි . මේ වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුරවැසියන්ගෙන් මිලියන 13කට ආසන්න ප්රමාණයක් TIN අංකය ලබා ගෙන ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තු සඳහන් කරයි .