ලාල් විජේනායක සමුගනී .

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත විය . මියයන විට ඔහු 85 වැනි වියේ පසුවියෙ පසුවිය .

දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කල ඔහු ඔහු ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය .

පසුව සමසමාජ පක්ෂයෙන් ඉවත් වූ ඔහු එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට සිය දායකත්වය ලබාදුන්නේය. මධ්‍යම පළාත් සභාවේ පළමු විපක්ෂ නායකයා වූ ඔහු ආණ්ඩු පක්ෂය තුළ සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට මෙන්ම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට එරෙහිව විවෘතව අදහස් දැක්වීය .