රාජ්ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කර ඇති බවත්, එම කටයුතු සඳහා කමිටුවක් ද පත් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය . ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ, බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.
රට තුළ ඇති වන ආර්ථික කම්පනයට මුහුණදීම සඳහා ප්රමාණවත් තරම් රුපියල් පවතින නමුත් බාහිර කම්පනයකට මුහුණදීමට ආර්ථික තවමත් ශක්තිමත්ව නැති බවත් ඔහු පැවසීය .
භාණ්ඩාගාරයට ලැබෙන ධනය පහළට රැගෙනයාම රාජ්ය සේවය විසින් සිදු කළ යුතු බව පැවසූ ජනධිපතිවරයා ඒ සඳහා ශක්තිමත් රාජ්ය යාන්ත්රණයක් අවශ්ය බව පැවසීය .
කෙසේවෙතත් මෙරට රාජ්ය සේවය ආකර්ෂණය නොවන බැවින් බොහෝ පිරිස් එය අතහැර යන බවත් වෘත්තීයවේදී රඳවාගැනීමට සමත් රාජ්ය සේවයක් රට තුළ ඇතිව නොමැති බවද ඔහු සඳහන් කළේය .
එවන් අසීරු පසුබිමකදී ප්වා රාජ්ය සේවයේ මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කළ අතර 2027 වසරේදී වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් අවශ්යව ඇති ජනාධිපතිවරයා පැවසීය .
කෙසේවෙතත් වෘත්තීමය රාජ්ය සේවයේ පුරප්පාඩු රැසක් මතුව තිබෙන බවත් දේශපාලන පත්වීම් හේතුවෙන් එම සේවය පහළ මට්ටම් පිරී ඇති බව අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. එබැවින් ඇතැම් රාජ්ය ආයතන වසාදැමීමටත් ඇතැම් ඒවා ඒකාබද්ධ කිරීමටත් තීරණය කර තිබේ.
ඒ අනුව මුදල් අමාත්යාංශය විසින් රාජ්ය ආයතන 34ක් වසාදැමීමට තීරණය කර ඇති අතර මේ සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.