විලාසිතා ලොව කැළඹූ කයිලි ජෙනර්ගේ ඩොලර් මිලියන 50 ක් වටිනා දියමන්ති බ්‍රා එක .

විලාසිතා ලෝකයේ කවදත් ආන්දෝලනාත්මක සන්නාමයක්වන Victoria’s Secret 18 වසරකට පසු සිය සන්නාමයේ අතිවිශේෂතම නිර්මාණය ලෙස සැලකෙන ‘Fantasy Bra’ එක නැවත කරළියට ගෙනවිත් ඇත . ඒ ඔක්තෝබර් 18 වැනි ඉරිදා පැවති Victoria’s Secret විලාසිතා දැක්මේදීය

වික්ටෝරියා සීක්‍රට් සමාගම සුඛෝපභෝගී ආභරණ සන්නාමයක් වන ‘Jacob & Co.’ සමඟ එක්ව නිර්මාණය කරන ලද, ඩොලර් මිලියන 50 ක් වටිනා මෙම බ්‍රා එක Victoria’s Secret Runaway පැළඳ සිටියේ ප්‍රකට නිරූපිකාවක වන කයිලි ජෙනර් විසිනි .

ඉතා සියුම් ලෙස දියමන්ති ඔබ්බවා නිර්මාණය කර ඇති මෙවර බ්‍රා එක ඩොලර් මිලියන 50 ක් ලෙස තක්සේරු කර ඇති අතර, මෙය ඉතිහාසයේ නිර්මාණය වූ වඩාත්ම මිල අධික ‘Fantasy Bra’ එක වේ. ස්වභාවික දියමන්ති 4,410කින් (මුළු බර කැරට් 1,373.39ක්) සමන්විත මෙම නිර්මාණය, එහි පහළ දාරයේ සිට එල්ලෙන දියමන්ති මාලාවකින් ද, මධ්‍යයේ කැරට් 75.54ක බරින් යුත් දුර්ලභ ‘Natural Fancy Vivid Yellow’ (ස්වභාවික දීප්තිමත් කහ පැහැති) දියමන්තියකින් ද අලංකාර වී තිබුණි.

මෙම ඓතිහාසික නිර්මාණය සමඟ සුදු පැහැති පිහාටු සහිත පියාපත් සහ සුදු පැහැති ඇඳුම් කට්ටලයක් පැළඳ සිටි ජෙනර්, එදින රාත්‍රියේ වඩාත්ම ආකර්ෂණීය දසුනක් මවා පෑවාය.

‘KHY’ සන්නාමයේ නිර්මාතෘවරිය වන ඇයව දිරිගැන්වීම සඳහා ඇගේ මව වන ක්‍රිස් ජෙනර් සහ පෙම්වතා වන තිමෝති ෂලමෙට් ද ප්‍රේක්ෂකාගාරයේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටිනු දක්නට ලැබුණි.

.
1996 වසරේදී ප්‍රථම වරට නිර්මාණය වූ මෙම සුප්‍රසිද්ධ දියමන්ති බ්‍රා එක, මුලින්ම පැළඳ සිටියේ ක්ලෝඩියා ෂිෆර් විසිනි. මීට පෙර අවසන් වරට මෙය නිර්මාණය වූයේ 2018 Victoria’s Secret විලාසිතා දැක්ම වෙනුවෙනි. එල්සා හොස්ක් විසින් පැළඳ සිටි එම ‘Dream Angels Fantasy Bra’ එක, ස්වරොව්ස්කි (Swarovski) ආයතනය විසින් නිර්මාණය කර තිබූ අතර එහි දියමන්ති 21,000ක් ඔබ්බවා තිබුණි.

සමහරු සරලව බ්‍රා එකේ නැවත පැමිණීම ප්‍රශංසා කරමින්, “අපි මේ වගේ කාලයක්… VS හි ඔටුන්න හිමි මැණික!” යනුවෙන් පැවසූහ. කෙසේ වෙතත් මෙම ප්‍රදර්ශනය හිස් හා අර්ථ විරහිත බව පවසමින් පුරා විලාසිතා රසිකයෝ දැඩි විවේචන එල්ල කරමින් සිටිනා බව විදෙස් මාධ්‍ය පවසයි .