මහනුවර – මාතලේ ප්රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ ප්රදේශයේ 7 වැනි කිලෝමීටර කණුව අසලදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 4 දෙනකු මියගොස් තවත් 08 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
සිමෙන්ති ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත . තුවාල කරුවන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
අනතුර හේතුවෙන් මහනුවර – මාතලේ ප්රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද වාර්තා වී ඇති අතර, එම ප්රදේශයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.