බාල වයස්කරුවෝ ප්‍රංශ පොලිසිය හා ගැටෙති.

ප්‍රංශ පොලිසිය විසින් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි තැබිමෙන් 17 හැවිරිදි තරුණයෙකු මිය යාමත් සමග එරට ඇති වූ නොසන්සුන් තාවය පස්වෙනි දිනටත් දිග්ගැස්සෙමින් පවතින බව වාර්තා වේ . ඊයෙ දිනයේදීද 100 කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරය වයස අවුරුදු 15 ත් 17 අතර පසුවන්නෝ බව වාර්තා වේ.

පොලිස් වෙඩි තැබීමට විරෝධය පානා විරෝධතාකරුවන්, බොහෝ දුරට බාලවයස්කරුවන් බවත් එම පිරිස් මෝටර් රථවලට ගිනි තබා, නාගරික පහසුකම් වලට හානි කර, පොලිසිය සමඟ ගැටුම් ඇත්කර ගනිමි සිටියි.

ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනුයේ එක රැයක් තුළ පොලිසිය විසින් 719 අත්අඩංගුවට ගෙන ඇති අතර තව දුරටත් විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුඅම් ඇතිවෙමින් පවතින බවයි.

මෙම ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 45ක් පමණ තුවාල ලබා ඇති අතර, වාහන 577 ක් සහ ගොඩනැගිලි 74ක් ගිනි තබා ඇති අතර, වීදිවල සහ වෙනත් පොදු ස්ථානවල ගිනි තැබීම් 871ක් සිදු කර ඇති බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *