කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක් ලංකා රජයට ලබා දී ඇත .
මෙම ප්රදානය ලබාදීමත් සමඟ ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් එස්. මේයර් ඊයේ (16) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය .
තානාපතිවරයා පළමුව කොළඹ වරාය නියමු නාවික මධ්යස්ථානය වෙත පැමිණියේය . එහිදී වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක සහ ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක විසින් තානාපතිවරයා පිළිගන්නා ලදි .
අමෙරිකානු තාක්ෂණය කොළඹ වරායට හඳුන්වාදීම මඟින් භාණ්ඩ මෙහෙයුම් වේගවත් කිරීමටත්, වෙළෙඳ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටත් හැකි වනු ඇති බවට අමෙරිකානු තානාපතිවරයා එහිදී සඳහන් කළේය .