ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පෙර සමාව දීමේදී සිදුවූ වැරදි නිවරදි කර නැවත ජනාධිපති සමාව ලබාදෙන ලෙස සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඉල්ලා සිටී .
අධිකරණ තීන්දුවෙන් පෙන්වා දී ඇති පරිපාලනමය දුර්වලතා නිවැරදි කරමින් ඥානසාර හිමියන්ට නැවතත් නිසි පරිදි ජනාධිපති සමාව ලබාදීමට අවස්ථාව පවතින බව ඔහු පවසයි .
ඒ අනුව ජනාධිපතිවරයාට හිමි බලතල නිසි ලෙස භාවිත කරමින්, මීට පෙර සිදුවූ පරිපාලන දෝෂ නිවැරදි කර ඥානසාර හිමියන්ට නීත්යනුකූලව ජනාධිපති සමාව ලබාදීමෙන් මෙම ගැටලුව විසඳිය හැකි බව ඔහු අවධාරණය කළේය .