මැදපෙරදිග කළාපයේ ඉහළ යමින් පවතින යුධ උණුසුම හමුවේ සෞදි අරාබිය වෙත ක්රියාත්මක වන සහ සෞදි අරාබියේ සිට පැමිණෙන ගුවන් ගමන්වලට බාධා එල්ල වීමේ හැකියාවක් පවතින බව ජෙඩා හි පිහිටි ශ්රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය දැනුම් දෙයි. එම හේතුවෙන් උම්රා වන්දනාවේ නිරතවීමට බලාපොරොත්තු වන ශ්රී ලාංකිකයන්ට තම සංචාරක කටයුතු සැලසුම් කිරීමේදී අවධානයෙන් හා ප්රවේශමෙන් කටයුතු කරන ලෙසෙම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවයි .
ඔක්තෝබර් 13 වැනි දා දිනැතිව නිකුත් කරන ලද එම නිවේදනයක් මගින් කොන්සල් කාර්යාලය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සංචාර සැලසුම් කිරීමේදී අදාළ උම්රා කණ්ඩායම් නියෝජිතයන් හෝ සංචාරක නියෝජිතයන් සමඟ සමීප සම්බන්ධතාවයෙන් පසුවන ලෙසයි.
එමෙන්ම, සංචාරයට බාධා විය හැකි යම් හදිසි අවස්ථාවකදී හෝ අපේක්ෂිත තත්ත්වයකදී ඊට මුහුණ දීම සඳහා සුදුසු විකල්ප හෝ හදිසි සැලසුම් ද සංචාරක සැලසුම්වලට ඇතුළත් කර ගැනීමට වගබලා ගන්නා ලෙස කොන්සල් කාර්යාලය වැඩිදුරටත් උපදෙස් දෙයි.
උම්රා වන්දනාව සඳහා සෞදි අරාබියට යාමට සූදානම් වන අතරතුර, පවතින තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වීම සහ සංචාරක සංවිධායකයින් සමඟ අඛණ්ඩව සන්නිවේදනය පවත්වා ගැනීමේ වැදගත්කම මෙම උපදේශනය මගින් පෙන්වා දී ඇත.