Leisure World ආයතනයට රුපියල් ලක්ෂ පහක දඩයක් .

කළුඅග්ගල පිහිටි Leisure World Water Parks (Pvt) Ltd ආයතනයට රුපියල් ලක්ෂ පහක දඩයක් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත . ඒ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම හේතුවෙනි .

එම නඩුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ සමාගමට එරෙහිව පවරා තිබූ අතර අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 අගෝස්තු 11 වැනිදා සිදුකළ වැටලීමකදී, දේශීයව බෝතල් කළ මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක් නියමිත උපරිම සිල්ලර මිල වන රුපියල් 80 ඉක්මවා රුපියල් 100ක මිලකට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබෙනවා.