අල්ලස් කොමිසම විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක එළැඹෙන ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.
ඒ, පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදල් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.
එමෙන්ම සැකකරු සිය බිරිඳ සහ ඥාතීන් සම්බන්ධ කරගනිමින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවත්, මැණික් ව්‍යාපාරිකයන් රැසකගෙන් ද අල්ලස් ලබාගෙන ඇතැයි චෝදනා පවතින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට අද සඳහන් කළේය.
කැඳවීමකට අනුව අද පෙරවරුවේ මන්ත්‍රීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. එහිදී පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණි.