පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් හෝ දූෂණ වැලැල්වීමේ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ ඔහු එම කොමිසමට පැමිණි අවස්ථාවේ මෙලෙස අත් අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ.
විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් 03ක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඊට අදාලව මෙම අත් අඩංගුවට ගැණීම සිදුකර ඇත .
මෙම පරීක්ෂණයටම අදාලව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද මෙම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටි.