අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් සිරගතව සිට ජනාධිපති සමාව ලැබී නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද(05) බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේය .
ඒ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව පසුගිය තුන්වෙනිදා තීනියාවලදී අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනා ලදි . එහිදී උන්වහන්සේ අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලද අතර අද අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කරනා ලදි .
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට නියම වූ දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියෝග කළේය.