සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් කඩිනමින් සංශෝධනය කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි . එසේ නොකරන්නේ නම් ජපභීතිකව මර්ධනය කිරීමේ කටයුතුවලට අහිතකර බලපෑමක් ඇතිවිය හැකිබ්ව එම සංගමය පවසයි .
මෙම කරුණ ගැන මාධ්‍ය හමුවේ වැඩි දුරටත් අදහස් පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නන්ගර පවසනුයේ, මෙම පනත් කෙටුම්පතේ සිව්වැනි වගන්තියෙන් දැක්වෙන පරිදී සුනඛයින්ට ජලභීතිකා එන්නත ලබාදිය හැක්කේ පශු වෛද්‍යවරයෙක් හෝ ඔහුගේ අධීක්ෂණය යටතේ පමණක් බව සඳහන වන බවය . එම වගන්තිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මගින් දැනට සිදුකරමින් පවතින සුනඛ එන්නත්කරන වැඩ සටහන බිඳවැටිය හැකිබව ඔහු පවසයි .
ඒ අනුව එමගින් මෙරට ජලභීතිකා මරණ සංඛ්‍යාව අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
සුනඛයින් එන්නත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සහ සුනඛයින් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීමේ අරමුණින් සහ ජල භීතිකාව තුරන් කිරීමේ ආරමුණින් මෙම නව පනත ගෙන ඒමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත. එම පනත් කෙටුම්පත මගින් පරිපාලන සීමාව තුළ සිටින සෑම සුනඛයෙකුම වාර්ෂිකව ජල භීතිකා රෝගයට එන්නත් කිරීම සහ ලියාපදිංචිය අනිවාර්යය කර තිබේ.