ටිරාන් අලස් අත් අඩංගුවට ගැනීමට එරෙහිව අධිකරණ නියෝගයක් .

සිලෝන් නිව්ස්පේපර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ හිටපු අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි ලබාගැනීමට අදාළව සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම විසින් ලබා දුන් බව කියන චෙක්පත් අගරුවීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත .

හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් හිමිකාරිත්වය දරන සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන්ට මාස ගණනාවක් තිස්සේ වැටුප් ද වසර ගණනක් තිස්සේ සේවක අර්ථසාධක අරමුදල ද නොගෙවීම නිසා දැඩි පීඩාවකට පත්ව සිටී .