ගිනිඅවි 8ක්, ජීව උණ්ඩ තොගයක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් කඩවත, වෑබඩ දී අත්අඩංගුවට ගත් සැකකරු, ඝාතනය වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් ඔහුගේ පියා ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ 534ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 8ක් සහ අත් මාංචු යුගල දෙකක් සොයාගෙන ඇත.