නාමල් රාජපක්ෂ රිමාන්ඩ් .

එයාබස් ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (04) නියෝග කළේය.

දෙපාර්ශවයෙ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 08 ක් අල්ලස් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද (04) පෙරවරුවේ එම කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේ මෙම අත් අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කර ඇත.