නීතීඥ සංගමය ඉදිරිපිට උද්ඝෝෂණය කළේ විපක්ෂය නොවේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් කොළඹ පිහිටි එම සංගම් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වුණු විරෝධතාව තමන් සංවිධානය කළ එකක් නොවනා බව ජනතා ඒකාබද්ධ විපක්ෂය පවසයි .

අද (24) නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, මෙම ‘පහත් ක්‍රියාව’ සඳහා විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු හෝ පක්ෂයක් සම්බන්ධ වී නොමැති බවයි.

ජනතාව තුළ අප්‍රසාදය වර්ධනය වන ආකාරයේ මෙවැනි පහත් ක්‍රියා සංවිධානය කිරීමෙන් ආණ්ඩුවට ජනතා ප්‍රසාදයක් නොමැති බව තවදුරටත් තහවුරු වන බව එම නිවේදනයේ දැක්වෙයි .

ආණ්ඩුවේ මෙවැනි ‘බොළඳ ක්‍රියාවලට’ නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ජනතා ඒකාබද්ධ විපක්ෂය, අදාළ විරෝධතාවය සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කර සිටී.