රනිල්ට නැති ගෞරවයක් ඉෂාරා සෙව්වන්දීට දුන්නේ ඇයි.

ජනරජයේ ජිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යෑමේදී මාංචු දැමූවද , පාතාල ක්‍රියාකාරිනියක වන ඉෂාරා සේව්වන්දී මාංචු නොදමා ඉතා සැහැල්ලුවෙන් අධිකරණයට රැගෙන යාම සමාජයේ දැඩි අවධනයට ලක්ව ඇත.

මේ සිදුවීම සමාජ මාධ්‍ය වේදිකාවන්හී බරපතල ලෙස ප්‍රශ්ණ කිරීමට ලක්ව ඇති අතර, මේ පිටුපස විපක්ෂ මතධාරී දේශපාලනඥයන් පීඩාවට පත්කිරීමේ රජයේ උවමනාව සැඟව ඇතිබව ඕවුහු පෙන්වාදෙති . බලහත්කාරය විදහාපෑමක් හෝ විරෝධය පෑමක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ මන්ත්‍රීවරු බන්ධනාගාරයට ගෙන යාමේදී මාංචු දැමීම සිදුකළ බව පෙන්වාදෙන ඕවුහු සංවිධානාත්මක අපරාධකාරියක මෙන්ම අධිකරණය තුළ මිනිස් ඝාතනයක් සිදුකිරීමට අනුබල දුන් කාන්තාවක් සංචාරයකට යන්නාක් මෙන් බන්ධනාගාරයට රැගෙන යාම පුදුම සහගත බව පවසති .

මේ පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන්ද මාධ්‍යවේදීන් කරුණු විමසා ඇත.